වැලි කැට­යක් තුළ ලෝක දෙකක්!

පසු­ගිය සතියේ සිළු­මි­ණට ලියූ රූස්ස ගොඩ­නැ­ඟි­ලි­වල පැනල හා සිලි­කෝන් මුද්‍රා ගැන කළ කතා­බ­හෙන් පසු, ඒ සම්බන්ධ මතක අවදි කළ ඉදි­කි­රීම් අංශ­යට සම්බන්ධ වී සිටි කිහිප දෙනෙක්ම සිලිකා, සිලි­කන් හා සිලි­කොන් යනා­දිය අපේ එදි­නෙදා ජිවි­ත­යට කෙත­රම් සම්බන්ධ දැයි සිහි­පත් කළෝය. ඉන් එක් මිතු­රෙක් එව­කට සේවය කර­මින් සිටියේ වීදුරු නිෂ්පා­දන කර්මාන්ත ශාලා­ව­කය. වීදු­රු­ව­ල­ටත් සම්බන්ධ සිලි­කන් මේ අප ඔබ සම්බන්ධ කෙරෙන සන්නි­වේ­දන මෙව­ල­ම්ව­ල­ටත් සම්බන්ධ වෙයි.

 

මීට වසර කිහි­ප­ය­කට පෙර ඉරිදා පුව­ත්ප­ත­කට මා ‘සිලි­කන් වැල්ල’ නමින් විද්‍යා තීරු ලිපි­යක් ලිවු­වෙමි. ටික කලක් එ-නමින්ම බ්ලොග් අඩ­වි­යක්ද පව­ත්වා­ගෙන ගිය මගෙන් රසි­ක­යෙක් ඇසූ ප්‍රශ්න­යක් වූයේ, “මෙහි හරි නම සිලි­කන්ද, නැති නම් සිලි­කෝන්ද?” යන්නයි. මගේ පිළි­තුර වූයේ මේ නම් දෙකම නිවැ­රදි බවත්, ඒවා භාවි­ත­යන් දෙකක් නියෝ­ජ­නය කරන බවත්ය. සර­ල­වම කිව හොත්: ‘සිලි­කන්’ (Silicon) යනු ස්වාභා­වික මූල­ද්‍ර­ව්‍ය­යකි. ඒ සිලි­කන් පද­නම් කර­ගෙන නිප­ද­වනු ලබන වාණිජ නිෂ්පා­ද­න­යක් ‘සිලි­කෝන්’ (Silicone) ලෙස හැඳින්වේ. ඉංග්‍රීසි බසින් ලියද්දී දෙවැනි වච­නයේ අගට ‘e’ අකු­රක් එකතු වීම පම­ණක් සිදු වුවද, ඉන් විද්‍යා­ත්මක කලාප දෙකක් නිරූ­ප­ණය වේ. මා එදා ඒ තීරු ලිපි­යට ‘සිලි­කන් වැල්ල’ යන නම යෙදුවේ තාක්ෂ­ණික කරු­ණක් මෙන්ම උත්ප්‍රා­ස­යක්ද මතු කිරී­ම­ටයි. මන්ද, මහ­පො­ළොවේ දෙවැ­නි­වට බහු­ල­වම ඇති මූල­ද්‍ර­ව්‍යය සිලි­කන් වන අතර, ඕනෑම වැල්ලක තිබෙන්නේ සිලි­කන් සහ ඔක්සි­ජන් සංයෝ­ග­යක් වූ ‘සිලිකා’ බැවිනි. අනෙක් අතට, ලොව සුප­තළ අමෙ­රි­කාවේ ‘සිලි­කන් වැලි’ (Silicon Valley) නග­රය සිහි­පත් කර­වී­මද මගේ අභි­ලා­ෂය විය.

 

ඔබ වෙර­ළක ඇවිද යන විට පයට පෑගෙන වැලි කැට­යක් දෙස මොහො­ත­කට නතර වී බලා තිබේද? ඒ අජීව, රළු වැලි කැටය තුළ ඔක්සි­ජන් සමඟ සංයෝ­ගිව තිබෙන සිලි­කන් මූල­ද්‍ර­ව්‍යය නවීන ලෝක­යම හසු­ර­වන බල­ව­තකු වී තිබේ. අප අත රැඳි ස්මාර්ට් ජංගම දුර­ක­ත­නයේ සිට අහස සිඹින දැවැන්ත ගොඩ­නැ­ඟිලි දක්වාත්, සූක්ෂ්ම වෛද්‍ය ශල්‍ය­ක­ර්ම­වල සිට අභ්‍ය­ව­කාශ යානා දක්වාත් විහි­දුණු මහා තාක්ෂ­ණික ජාල­යක සිලි­කන් සිය අණ­සක රසා­ය­නි­කව ගත් කල සිලි­කන් (Silicon) යනු ස්වභා­ව­ධ­ර්මයේ සිලිකා හෙවත් ‘ක්වාර්ට්ස්’ වැලි ලෙස පව­ති­න්නකි. මේ වැලි කැට අතු­රින් විශේෂ ලක්ෂණ සහිත ඒවා ඉහළ උෂ්ණත්ව යටතේ රසා­ය­නික ක්‍රියා­ව­ලි­ය­කට ලක් කළ විට අපට පිරි­සුදු සිලි­කන් ලබා­ගත හැකිය. සිලි­කන් යනු අර්ධ සන්නා­ය­ක­යකි (Semiconductor). එනම්, විදුලි ධාරාව පාල­නය කිරීමේ අපූර්ව හැකි­යා­වක් මෙයට ඇත. විසි­වැනි සිය­වසේ තාක්ෂ­ණික විප්ල­වයේ හද­වත වූ පරි­ග­ණක ‘මයි­ක්‍රො­චිප’ නිර්මා­ණය වන්නේ මේ සිලි­කන් මූල­ද්‍ර­ව්‍ය­යෙනි. දත්ත ගබඩා කරන මේ කුඩා ‘චිප’ නිප­ද­වීම සඳහා සිලි­කන් සිය­යට සිය­ය­කට ආසන්න වන තරම් අති­ශය පිරි­සුදු මට්ට­ම­කට පත් කරනු ලබයි. ඉලෙ­ක්ට්‍රො­නික විද්‍යාවේ මේ අව­ශ්‍ය­තාව නිසාම ලෝක භූ දේශ­පා­ල­නය තුළ ‘පිරි­සුදු සිලිකා’ ඇති රට­ව­ලට විශාල වටි­නා­ක­මක් ලැබී ඇත. සිලි­කන් හිමි­කම යනු අනි­ය­මින් ආර්ථික හා තාක්ෂ­ණික බලය සතු කර­ගැ­නී­මකි. මෙතැ­න­දීත් චීනය, රුසි­යාව, අමෙ­රිකා එක්සත් ජන­ප­දය වැනි රට­ව­ලට වැඩි වාසිය හිමි වෙයි.

 

මේ අතර ශ්‍රී ලංකාවේ පර්යේ­ෂ­ක­යන්ද දහ­යියා අළු­ව­ලින් අති­ශය පිරි­සුදු සිලිකා නිස්සා­ර­ණය කිරීම සඳහා කළ පර්යේ­ෂණ පිළි­බඳ වරින් වර වාර්තා විය. අනෙක් අතට සිලිකා සම­හර කර්මා­න්ත­ව­ලට අව­හි­ර­යක් වූ අව­ස්ථාද මා දැක ඇත. ඇඹි­ලි­පි­ටිය කඩ­දාසි කර්මා­න්ත­ශා­ලාවේ මුල් කාල­යේදී පිදුරු පල්ප නිප­ද­වී­මට දරන උත්සා­හ­ය­න්හිදී පිදු­රු­වල තිබුණු සිලිකා ගල් ගැසී පල්ප නිප­ද­වන කුටී­ර­වල සිර වී සිටින හැටි මම බොහෝ කල­කට ඉහ­තදී දුටු­වෙමි.

 

අනෙක් අතට ‘සිලි­කෝන්’ (Silicone) යනු සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් භෞතික ද්‍රව්‍ය­යකි. සිලි­කෝන් යනු සිලි­කන් මූල­ද්‍ර­ව්‍යය මත පද­නම්ව, ඔක්සි­ජන් සහ කාබ­නික සංයෝග එකතු කර, මිනිසා විසින් රසා­ය­නි­කව නිප­ද­වන ලද පොලි­ම­ර­යක් හෙවත් බහු අව­ය­වි­ක­යකි (Polymer). එහි රසා­ය­නික ව්‍යූහය ශක්ති­මත් සිලි­කන් හා ඔක්සි­ජන් දාම­ය­කින් සැකසී ඇත. සාමාන්‍ය ප්ලාස්ටි­ක්ව­ලට හෝ රබ­ර්ව­ලට වඩා මෙයට විශේෂ වූ ගුණාංග කිහි­ප­යක් හිමි වෙයි. ඒවා සෙල්සි­යස් අංශක ඍණ 50ක අධික සීත­ලක සිට සෙල්සි­යස් අංශක 200ක අධික උෂ්ණ­ත්ව­යක් දක්වා නොවෙ­නස්ව පවතී. පාර­ජ­ම්බුල (UV) කිර­ණ­ව­ලට හෝ වර්ෂා­වට මෙය විනාශ නොවේ.

 

පසු­ගිය සතියේ ලිපියේ මා සඳ­හන් කළ පරිදි, නවීන නාග­රික ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මේදී වීදුරු සහ ඇලු­මි­නි­යම් පැනල එකි­නෙක අල­වන ‘සීලන්ට්’ (Sealant) ලෙස භාවිත වන්නේ මේ සිලි­කෝන් ය. ගොඩ­නැ­ඟි­ල්ලක් වසර 30-40ක් පව­තින්නේ මේ හුරු­බු­හුටි ‘රබර්’ වැනි ද්‍රව්‍යයේ ඇති නම්‍ය­ශීලි බව නිසාය. මේ සිලි­කෝන් රසා­ය­නි­කව වැඩි දියුණු කර ගොඩ­නැ­ගිලි ව්‍යූහ­යට යම් ශක්ති­යක් දෙන ආකා­ර­යෙන් සක­සා­ග­න්නද පුළු­වන. ඒවා කුඩා ටියු­බ්වල බහා වෙළෙ­ඳ­පො­ළට නිකුත් කරයි. සිලි­කොන් තුව­ක්කුව නම් කුඩා උප­ක­ර­ණ­ය­කින් වීදුරු හා ඇලු­මි­නි­යම් මූට්ටු අත­රට සිලි­කොන් පොම්ප කරනු ලබයි. මේ කාරිය සඳහා මනා පුහු­ණු­වක් හා හුරු­බු­හු­ටි­ක­මක් තිබිය යුතුය. මුල් කාලයේ මේ සඳහා විශේෂ පුහුණු ශිල්පීන් විදේ­ශ­ව­ලින් ගෙන්වා­ගැ­නී­මට සිදු විය. එවැනි අව­ස්ථා­වක සිදු වූ අක­ර­තැ­බ්බ­යක් මට මත­කය.

සන්නි­වේ­දන දෝෂ­යක් නිසා මෙර­ටට පැමිණ තිබුණේ සිරස් බිත්ති­වල සිලි­කොන් අල­වන ශිල්පි­යකු නොව, තිරස් පැනල අතර සිලි­කොන් ඇල­වී­මට පම­ණක් පුහු­ණුව ලැබූ ශිල්පි­යෙකි!

වෛද්‍ය විද්‍යා­වේදී සිලි­කෝ­න්වල භූමි­කාව අති­ම­හත්ය. එය මිනිස් සිරු­රට විෂ නොවන ද්‍රව්‍ය­යක් බැවින් ශල්‍ය නාලිකා (Catheters), කෘත්‍රිම අව­යව සහ හෘදය රෝගීන් සඳහා භාවිත කරනු ලබන උප­ක­රණ නිප­ද­වී­මට සිලි­කොන් යොදා ගන්නා බව මා කියවා ඇත. එසේම, අපේ මුළු­තැ­න්ගෙයි භාවිත වන උෂ්ණ­ත්ව­යට ඔරොත්තු දෙන බේකින් තැටි, හැඳි සහ කුඩා දරු­වන්ගේ කිරි බෝත­ල්වල සූප්පු සඳ­හාද සිලි­කෝන් භාවිත වේ. මෝටර් රථ සහ අභ්‍ය­ව­කාශ යානා­වල අධික තාපය පව­තින එංජින් කොට­ස්වල සීල් තැබීම් (Gaskets) සඳහා භාවිත කරනු ලබ­න්නේද සිලි­කෝන් වර්ගයි. මෙසේ බලන කල, සිලි­කන් සහ සිලි­කෝන් යනු අපේ කාලයේ ද්විත්ව බල සැප­යු­මක් බඳුය. එකක් අපට අසී­මිත දත්ත ලෝක­යක් තෑගි කරන අතර, අනෙක අප ජීවත් වන භෞතික ලෝකය වඩාත් සුර­ක්ෂිත කරයි.

‘සිලි­කන්’ මඟින් මයි­ක්‍රො­චි­ප­ය­කින් දත්ත ගලා යන විට, ‘සිලි­කෝන්’ මඟින් නිමැවූ සීලන්ට් එකක් ඔබේ කාර්යා­ලය පිහිටි ගොඩ­නැ­ඟිල්ල වැස්සෙන් ආරක්ෂා කරයි. වැලි කැට­යක් දෙස බලද්දී මට එතුළ ලෝක දෙකක් සැඟවී ඇති බව පෙනේ. එකක් ඉලෙ­ක්ට්‍රො­නික සංඥා මඟින් ලෝකය යා කරන ‘සිලි­කන්’ ලෝක­යයි. අනෙක රසා­ය­නික බැඳීම් මඟින් ලෝකය ශක්ති­මත් කරන ‘සිලි­කෝන්’ ලෝක­යයි.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...