විස්කම් විසිතුර

29Articles

පසුගිය සති කිහිපය පුරා අපේ කතා-බහ විසිර ගියේ කසාක්ස්තානයේ සුවිසල් ස්ටෙප්ස් තණබිම් සහ තෙල් බිම් තුළය. තෙංගිස් තෙල් ක්ෂේත්‍රයේ සැලසුම් ඉංජිනේරුවකු ලෙස මා ලැබූ අත්දැකීම්, තාක්ෂණ කරුණුවලින් නොනැවතී, ලෝක ගෝලයේ විශාල වපසරියක විහිද ගියේය. අනෙක් අතට තෙංගිස් භූමිය සතු සුවිශේෂ පිහිටීම නිසා එය ලෝක බලශක්ති හා ප්‍රවාහන කතාබහේදී මර්මස්ථානයක් බව මට තේරුම් ගියේය. කසාක්ස්තානයේ කැස්පියන් වෙරළේ පිහිටි අක්තාවූ හෝ කුරික් තොටුපොළෙන් නැඟී, ලොව විශාලතම විල වන මහා කැස්පියන් මුහුද තරණය කරන්නට, ඉන් පසු එතැන් සිට අසර්බයිජානය හරහා යළිත් මා දැනට ජීවත් වන තුර්කියේ ඉස්තාන්බුල් නගරය වෙත මනසින් ගොඩවදින්නට මම කැමැත්තෙමි.

පසු­ගිය සති අන්තයේ අපි බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි වෙර­ළ­බඩ අව­න්හ­ලක සුපු­රුදු පරිදි අසුන් ගෙන සිටි­යෙමු. තුර්කියේ සාම්ප්‍ර­දා­යික ටියු­ලිප් හැඩයේ කුඩා වීදු­රු­ව­කින් දුම් දමන උණු­සුම් තේ පොදක් රස විඳි­මින්, සැහැල්ලු අල්ලාප සල්ලා­ප­යක නිරත වන අත­ර­තුර, මිතු­රෙක් මගෙන් මෙසේ ඇසීය:

පසුගිය ලිපියෙන් මම බටහිර කසකස්තානයේ තෙංගීස් තෙල් නිධියේ පැවති දැඩි ආරක්ෂණ සංස්කෘතිය සහ ඩිජිටල් විනය පිළිබඳ මගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගත්තෙමි. අද මා කතා කරන්නට සැරසෙන්නේ, ලෝකයේ දැවැන්තම තෙල් ව්‍යාපෘතිවලින් එකක් වන තෙංගීස්හි මා දුටු ‘බැක්-ටු-බැක්’ සේවා මුර ක්‍රමය, පද්ධතිමය කළමනාකරණය සහ එහි පිටුපස තිබූ ඉංජිනේරුමය විස්කම් පිළිබඳවය.

පසු­ගිය ලිපි­යෙන් මම බට­හිර කසා­ක්ස්තා­නයේ අති­වි­ශාල ‘තෙංගීස්’ තෙල් නිධිය කේන්ද්‍ර කර ගෙන ගොඩ­නැ­ඟුණු, සියලු සැප­යුම් හා නවා­තැන් පහ­සු­ක­ම්ව­ලින් සපිරි මායා­කාරි කඳ­වුරු නග­රය ගැන මත­ක­යන් අවදි කළෙමි. එය අපේ නවා­තැ­න්පොළ වුවත්, අපේ සැබෑ රාජ­කාරි භූමිය තිබුණේ එතැ­නින් කිලෝ­මී­ටර් පන­හක් පමණ ඈතින් වූ සජීව තෙල් සහ වායු නිෂ්පා­දන කලා­පය තුළය. ඒ වැඩ­බි­මට ප්‍රථම වරට ඇතුළු වීමේදී, ඉංජි­නේ­රු­වකු ලෙස මා මුහුණ දුන්නේ අති­ශය දැඩි ‘ආර­ක්ෂණ සංස්කෘ­ති­ය­කට’ සහ අද­ටත් මා විස්ම­යට පත් කරන පරි­ග­ණ­ක­ගත වින­ය­ක­ටය. එය හුදෙක් කාර්මික නීති මාලා­වක් පම­ණක් නොවීය. එය මිනිස් ජීවි­තය ආරක්ෂා කිරීම සඳහා ගොඩ­නඟා තිබුණු, සීමා මායිම් සහිත වෘත්තීය ආචා­ර­ධර්ම පද්ධ­ති­යකි.

බටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්නට ගිය ගමනත්, එහිදී දැනගන්නට ලැබුණු අරාල් මුහුදේ පාරිසරික ඛේදවාචකයත් ගැන පසුගිය ලිපිවලින් මම කතා කළෙමි. අද මා ලියන්න සැරසෙන්නේ, මිනිස් වාසයෙන් තොර වූ, කර්කශ මහා ස්ටෙප්ස් තණබිම් කෙළවරක ‘Tengizchevroil’ (TCO) සමාගම වෙනුවෙන් බහුජාතික දැවැන්ත ශ්‍රම බළකායක් උදෙසා ක්‍රමවත්ව නිර්මාණය කර තිබූ අපූරු ‘කඳවුරු නගරය’ සහ එහි පාලනය පිටුපස තිබූ විස්මයජනක ව්‍යාපෘති කළමනාකරණ විනය ගැනය.

කල­කට පෙර මම බට­හිර කසා­ක්ස්තා­නයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩ­බි­මක සේවය කරන්න ගිය ගමන ගැන පසු­ගිය ලිපි­යෙන් කතා කළෙමි. කසා­ක්ස්තා­නයේ ගිනි­කො­න­දිග ප්‍රදේ­ශයේ පිහිටි ‘අල්මටි’ නග­රයේ සිට බට­හිර කෙළ­වරේ පිහිටි ‘අතිරෝ’ නග­රය දක්වා මහා ස්ටෙප් තණ­බිම් මැදින් කිලෝ­මී­ටර් දෙද­හ­ස­කට වැඩි දුරක් පියඹා එද්දී, මට විමසා බල­න්නට මඟ­හැරී ගිය වැද­ගත් යමක් ගැන අපේ පරි­පා­ලන නිල­ධා­රියා පසුව මතක් කර දුන්නේය. ඔහු මගේ ආහාර වේල ගැන ඉතා සැල­කි­ලි­මත් වූ කෙනෙකි.

මගේ වෘත්තීය ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය සල­කුණු වන්නේ අන්ත­ර්ජා­තික ව්‍යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනී­මට මා තුළ වූ නොස­න්සුන් උන­න්දු­වත් සම­ඟය. ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වූ විදේ­ශීය ව්‍යාපෘ­ති­ව­ලින් ලද පළ­පු­රුද්ද, කර­දිය වළ­ල්ලෙන් එපිට ලෝකය ගවේ­ෂ­ණය කිරී­මට මට පාර කැපීය. මේ උන­න්දුව මා හා සමා­න­වම බෙදා ගත් මගේ සමී­ප­තම මිතුරා වූයේ ඉංජි­නේරු සමන් රංජිත්ය. කසා­ක්ස්තා­නයේ ඛනිජ තෙල් වැඩ­බි­මක සේවය කර­මින් සිටි ඔහු, මටද ඒ සඳහා අව­ස්ථාව උදා කර දුන්නේය. කසා­ක්ස්තා­නය, කටාර් රාජ්‍යය සහ ඔස්ට්‍රේ­ලි­යාව වැනි රට­වල කීර්ති­මත් ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කළ සමන්, මින් දස වස­කට පෙර අප අත­රින් වියෝ වූ අතර, අද මා මේ අත්දැ­කීම් සිංහල පාඨ­ක­යන් සමඟ බෙදා ගන්නේ ඔහුට උප­හා­ර­යක්ද පුද කර­මිනි.

මා ජීවත් වන්නේ පොදු ප්‍රවා­හ­නය සියලු අංශ­ව­ලින් සාර්ථ­කව ක්‍රියා­ත්මක වන මහා නග­ර­ය­කය. එහි ජන­ග­හ­නය මිලි­යන දහ­ස­යකි. නග­රා­න්තර දුම්රිය, අධි­වේගි දුම්රිය, නග­රා­න්තර බස් සමඟ හොඳින් සම්බන්ධ කෙරෙන නග­රය තුළ දිවෙන මෙට්‍රෝ, ට්‍රෑම්, තම­න්ටම වෙන් වූ මංතීරු ඇති මෙට්‍රෝ බස් රථ, මහ­ජන බස් රථ, කුඩා අතුරු මාර්ග භාවිත කරන ග්‍රාමීය බස් රථ ආදි­යට අම­ත­රව හොඳින් නියා­ම­නය කරන ලද ටැක්සි රථ සේවා­වක්ද මෙහි වෙයි. මේ විසල් නග­රය හා ප්‍රවා­හන පද්ධ­ති­යට අන්ත­ර්ජා­තික අධි­වේගි දුම්රිය මඟක් එකතු කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මම හවුල් වී සිටිමි. මා දන්නා උසස් රැකියා කරන වෘත්ති­ක­යන් බහු­ත­රය ගම­නා­ග­ම­නය සඳහා තෝරා ගන්නේ මහ­ජන ප්‍රවා­හන සේව­යයි.

ව්‍යාපෘති කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්, මෘදුකාංග සම්බන්ධ යමක් හෝ ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය සම්බන්ධ යමක් ලෙසය. එහෙත්, එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනීමට අප නොසිතන ඉසවුවලද ව්‍යපෘති ක්‍රියාත්මක වේ. අනෙක් අතට, ජීවිතය යනුමද සංකීර්ණ ව්‍යාපෘතියකි. එහි කළමනාකරණය හුදෙක් තාක්ෂණික මෙවලම්වලින් ඔබ්බට ගිය, මානුෂීය ගනුදෙනුවකි.

මම බොහෝ විට ගල්, වැලි, යකඩ සහ කොම්පි­යු­ටර් තිර අතර ජීවත් වන්නෙක්මි. ඒ අත­රම ඒ ද්‍රව්‍ය අත­රින් සිහින ගොඩ­න­ඟන මිනි­සුන් සිය ගණ­නක් සම­ඟද මගේ ජීවි­තය ගලා යයි. එහෙත් මේ සියලු දෙනා තුළ සැඟවී ඇති සෞන්ද­ර්යය සොයා යෑම­ටද මම වෙහෙ­සෙමි. ඉංජි­නේරු විද්‍යාව යනු ගණි­ත­මය සූත්‍ර සහ සට­හ­න්ව­ලට පම­ණක් සීමා වූ ක්ෂේත්‍ර­යක් නොවිය යුතු බව සිතන සහෘ­ද­යන් මට නොඅ­ඩුව මුණ­ගැසී තිබේ. එය මිනිස් ආත්මයේ නිර්මා­ණ­ශී­ලි­ත්වය සහ ගොඩ­නැ­ඟීමේ අර­මුණ එකට මුසු වූ සජීව භාෂා­වකි.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...