නොපෙ­නෙන නළ මඟක ගලා යන ලෝක­යක්…

පසු­ගිය සති අන්තයේ අපි බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි වෙර­ළ­බඩ අව­න්හ­ලක සුපු­රුදු පරිදි අසුන් ගෙන සිටි­යෙමු. තුර්කියේ සාම්ප්‍ර­දා­යික ටියු­ලිප් හැඩයේ කුඩා වීදු­රු­ව­කින් දුම් දමන උණු­සුම් තේ පොදක් රස විඳි­මින්, සැහැල්ලු අල්ලාප සල්ලා­ප­යක නිරත වන අත­ර­තුර, මිතු­රෙක් මගෙන් මෙසේ ඇසීය:

 

“එත­කොට, ඊළඟ සතියෙ සිළු­මි­ණට ලියන තෙංගිස් කතාව මොකක්ද?”

 

ඔහු එලෙස විම­සුවේ කසා­ක්ස්තා­නයේ කැස්පි­යන් වෙර­ළ­බඩ පිහිටි දැවැන්ත තෙල් නිධි­යක් වූ තෙංගිස් සහ 2007 වසරේ එහිදී මා ලැබූ වෘත්තීය අත්දැ­කීම් පිළි­බඳ මම සති කිහි­ප­යක් තිස්සේ ලියන ලිපි පෙළ ගැනයි.

 

මම සිනා සෙමින් ඈත නිල් දියඹේ සෙමෙන් ඇදී යන දැවැන්ත තෙල් නෞකා­වක් දෙසට ඇඟිල්ල දිගු කළෙමි:

“ඔය නැවේ තියෙ­න්නෙත් සම­හර විට තෙංගි­ස්ව­ලින් ආපු තෙල් වෙන්න පුළු­වන්. අන්න අර ඈතින් ඇහෙන දුම්රියේ හඬත් සම­හර විට තෙංගිස් තෙල් ක්ෂේත්‍ර­යට අවශ්‍ය යන්ත්‍රෝ­ප­ක­රණ හෝ අම­තර කොටස් රැගෙන යන දුම්රි­යක හඬක් වෙන්න පුළු­වන්…”

 

මිතුරෝ මඳක් මවිත වී මා දෙස බලා සිටි­යහ.

 

අද, වසර විස්ස­කට ආසන්න කාල­ය­කට පසු, ඉස්තා­න්බුල් නග­රයේ සිට බොස්ෆ­රස් දිය­වර දෙස බලා සිටින විට, එදා තෙංගිස්හි සේවය කරන කාලයේ මට නොතේ­රුණු බොහෝ දේ වඩාත් ගැඹු­රින් තේරුම් ගත හැකිය. මන්ද යත්: තෙංගිස්හි බොර­තෙල් සහ අප ඉදි­රියේ දිස් වන බොස්ෆ­රස් නාවික මාර්ගය අතර ඍජු නමුත් නොපෙ­නෙන සම්බ­න්ධ­තා­වක් තිබේ. එය නළ මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග සහ අන්ත­ර්ජා­තික ව්‍යාපා­රික සහ­යෝ­ගි­තා­වෙන් ගොඩ­නැ­ඟුණු නූතන ලෝකයේ විශිෂ්ට යටි­තල පහ­සු­කම් ජාල­යකි.

 

බොහෝ දෙනා සිතන්නේ තෙල් කර්මා­න්තයේ ප්‍රධාන අභි­යෝ­ගය වන්නේ බොර­තෙල් පොළොව යටින් මතු කර ගැනීම බවයි. එහෙත් සැබෑ අභි­යෝ­ගය ආරම්භ වන්නේ ඉන් පසු­වය. බොර­තෙ­ල්වල සැබෑ වටි­නා­කම තීර­ණය වන්නේ ඒවා ආර­ක්ෂි­තව, අඛ­ණ්ඩව හා ලාභ­දායි ලෙස ලෝක වෙළෙ­ඳ­පොළ වෙත ගෙන යා හැකිද යන්න මතය.

 

ඒ සඳහා නිර්මා­ණය කරන ලද ලොව විශා­ල­තම ව්‍යාපෘති අත­රින් එකක් වන්නේ CPC හෙවත් Caspian Pipeline Consortium නළ මාර්ග­යයි.

 

මෙය සැබෑ අර්ථ­යෙන්ම අන්ත­ර්ජා­තික කොන්සෝ­ර්ටි­ය­මකි. කසා­ක්ස්ථා­නය, රුසි­යාව සහ අන්ත­ර්ජා­තික බල­ශක්ති සමා­ගම් එක්ව මෙය ක්‍රියා­ත්මක කරයි. තෙංගිස්, කෂා­ගන් සහ කර­ච­ග­නාක් වැනි ලෝකයේ විශා­ල­තම තෙල් ක්ෂේත්‍ර­ව­ලින් නිප­ද­වන බොර­තෙල්, කිලෝ­මී­ටර් 1,500ක් පමණ දිග මේ නළ මාර්ගය හරහා රුසි­යාවේ කළු මුහුදු වෙරළේ පිහිටි නොවො­රො­සිස්ක් වරාය වෙත ගෙන යනු ලැබේ.

 

මේ මාර්ගය කස­කා­ස්ථා­නයේ කැස්පි­යන් පහත් බිම්ව­ලින් ආරම්භ වී රුසි­යාවේ ඇස්ට්‍රා­කාන් ප්‍රදේ­ශය, කල්මික් ජන­ර­ජය සහ ක්‍රස්නො­ඩාර් කලා­පය හරහා ගමන් කර කළු මුහුද වෙත ළඟා වේ. අද කස­ක­ස්ථා­න­යට ලෝක වෙළෙ­ඳ­පොළ විවෘත කරන ප්‍රධාන ආර්ථික දොර­ටු­වක් වන්නේ මේ නල මාර්ග­යයි.

 

තෙංගිස් තෙල් ව්‍යාපෘ­තියේ ව්‍යාපා­රික ව්‍යූහය ද ඉතා සිත්ග­න්නා­සු­ලුය. Tengizchevroil නම් ඒකා­බද්ධ ව්‍යාපා­රයේ කොටස් Chevron, ExxonMobil, KazMunayGas සහ Lukoil අතර බෙදී ඇත. ඉන් සිය­යට 20ක කොට­සක් කස­කා­ස්ථා­නයේ රාජ්‍ය බල­ශක්ති සමා­ගම වන KazMunayGas සතුය. මේ අන්ත­ර්ජා­තික සහ­යෝ­ගි­තාව නොවී නම් මෙත­රම් විශාල සම්ප­තක් සංව­ර්ධ­නය කිරීම කිසිදු රට­කට පහසු නොවනු ඇත.

 

එහෙත් කතාවේ වඩාත් ආක­ර්ෂ­ණීය කොටස ආරම්භ වන්නේ නොවො­රො­සිස්ක් වරා­යෙන් පසු­වය.

 

නළ මාර්ගය ඔස්සේ පැමි­ණෙන බොර­තෙල් මුහුදේ පිහිටි පද්ධති හරහා දැවැන්ත තෙල් නෞකා­ව­ලට පුර­වනු ලැබේ. ඒ නෞකා කළු මුහුද හරහා ගමන් කර බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය පසු කර මධ්‍ය­ධ­රණී මුහු­දට පිවි­සෙයි.

 

අද මම ගාලාටා පාලම අසල හෝ උස්කු­දාර් වෙරළේ සිට මේ නෞකා දෙස බලා සිටින විට, ඒවා­යින් සම­හ­රක් තුළ මා සේවය කළ තෙංගිස් තෙල් ක්ෂේත්‍රයේ බොර­තෙල් තිබිය හැකියැයි සිතේ.

 

ඇත්ත වශ­යෙන්ම, බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත් කාර්ය­බ­හුල තෙල් ප්‍රවා­හන මාර්ග­ව­ලින් එකකි. දින­පතා තෙල් නෞකා, LNG නෞකා, ධාන්‍ය ප්‍රවා­හන නෞකා සහ බහා­ලුම් නෞකා සිය ගණ­නක් මෙම ජල මාර්ගය පසු­කර යති.

 

එහෙත් තෙන්ගිස් කතාව නළ මාර්ග­ය­කින් පම­ණක් අව­සන් නොවේ.

 

තෙංගිස් තෙල් ක්ෂේත්‍රය වෙත ලොව පුරා සිට එන උප­ක­ර­ණ­වල සැල­කිය යුතු කොට­සක් අද ‘Middle Corridor’ හෙවත් Trans-Caspian International Transport Route හරහා ගමන් කරයි. චීන­යෙන් ආරම්භ වන දුම්රිය බහා­ලුම් කසා­ක්ස්තා­නය හරහා කැස්පි­යන් මුහු­දට පැමිණේ. ඉන් පසු ඒවා නැව් මඟින් අස­ර්බ­යි­ජා­න­යට ගෙන ගොස් ජෝර්ජි­යාව සහ තුර්කිය හරහා යුරෝ­ප­යට හෝ නැවත මධ්‍යම ආසි­යාව වෙත යවනු ලැබේ.

 

එම නිසා බොස්ෆ­රස් දිය­ව­රේදී ඇසෙන දුම්රිය හඬක් පවා, කලා­තු­ර­කින් හෝ තෙන්ගිස්හි තෙල් කර්මා­න්තය සමඟ සම්බන්ධ විය හැකිය.

 

මෙවැනි දැවැන්ත නළ මාර්ග­යක් ඉදි කිරී­මද පහසු කාර්ය­යක් නොවීය. ශීත කාල­යේදී -30°C පමණ දක්වා පහළ යන උෂ්ණ­ත්ව­යන් සහ ග්‍රීෂ්ම කාල­යේදී 40°C ඉක්ම­වන කාන්තාර උණු­සුම අතර එය ක්‍රියා­ත්මක විය යුතුය. ලවණ අධික පස්, ගංගා, තණ බිම් සහ විවිධ භූ-විද්‍යා­ත්මක තත්ත්ව­යන් හරහා එය ගමන් කරයි.

 

අද මේ පද්ධ­තියේ ධාරි­තාව වස­ර­කට ටොන් මිලි­යන 80කට ආසන්න මට්ට­මක පවතී. පොම්පා­ගාර, SCADA පද්ධති, පීඩන සංවේ­දක, ස්වයං­ක්‍රීය පාලන ඒකක සහ විඛා­දන පාලන පද්ධති පැය විසි­හ­තර පුරා ක්‍රියා­ත්මක වේ.

 

මේ කතාව මට තවත් අපූරු සමා­න­ක­මක් මතක් කර දෙයි: Caspian Pipeline Consortium ද CPC ය. ශ්‍රී ලංකාවේ Ceylon Petroleum Corporation ද CPC ය. එක් CPC ආය­ත­න­යක් රට­වල් දෙකක් හරහා කිලෝ­මී­ටර් 1,500කට වැඩි නළ මාර්ග­යක් ක්‍රියා­ත්මක කරයි. අනෙක් CPC ආය­ත­නය, කොළඹ වරාය සහ කොළො­න්නාව අතර ඉන්ධන ප්‍රවා­හන පද්ධති නවී­ක­ර­ණය සඳහා දශක ගණ­නා­වක් පුරා විවිධ සැල­සුම් හා ව්‍යාපෘති අධ්‍ය­යන සිදු කර­මින් සිටී.

 

මෙහිදී අපට වැද­ගත් ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ පාඩ­මක් ලැබේ: ව්‍යාපෘ­ති­යක දිග හෝ විශා­ල­ත්වය එහි සංකී­ර්ණ­ත්වය තීර­ණය නොක­රයි. කිලෝ­මී­ටර් 1,500ක නළ මාර්ග­ය­කට මුහුණ දිය යුතු අභි­යෝග ඇත. එසේම කිලෝ­මී­ටර් කිහි­ප­යක නළ පද්ධ­ති­යක් නවී­ක­ර­ණය කිරී­මේ­දීද ඉඩම් අත්පත් කර ගැනීම්, පරි­සර ගැටලු, මූල්‍ය­ක­ර­ණය, නියා­මන අව­ශ්‍යතා, පාර්ශ්ව­ක­රු­වන්ගේ අපේක්ෂා සහ තාක්ෂ­ණික අව­දා­නම් වැනි අභි­යෝග මතු වේ.

 

ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණයේ සංකී­ර්ණ­ත්වය සැම විටම දුර ප්‍රමා­ණ­යට ඍජුව සමා­නු­පා­තික නොවේ. එදින බොස්ෆ­රස් වෙරළේ සිට තෙල් නෞකා දෙස බලා සිටි­යදී මට හැඟුණේ, ලෝකය ඇත්තෙන්ම නළ මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ව්‍යාපෘති හා මිනි­සුන් අතර සම්බ­න්ධ­තා­ව­ලින් ගොඩ­නැ­ඟුණු එකම ජාල­යක් බවයි. ඒ ජාලයේ එක් අග්‍ර­යක තෙංගිස් ඇත; අනෙක් අග්‍රයේ බොස්ෆ­රස් ඇත.

 

එහෙත් ඒ දෙක අතර ගලා යන්නේ බොර­තෙල් පම­ණක් නොවේ. ඉංජි­නේරු දැනුම, ආයෝ­ජන, අන්ත­ර්ජා­තික සහ­යෝ­ගි­තාව, ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණය සහ මානව උත්සා­හ­යද ඒ සමඟ ගලා යයි.

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Leave a reply

Loading Next Post...
Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...