විස්කම් විසිතුර2- Page

29Articles

මීට තිස් වසරකට පමණ පෙර කොළඹ සිට සතිඅන්ත නිවාඩුවකට හෝ අවුරුදු නිවාඩුවකට ගමට යන්නට නොසෑහෙන වාර ගණනක් පිටකොටුව ලංගම බස් නැවතුමට එන්නට සිදුව තිබේ. සමහර විට ලංගම නැවතුමේ බස් නැති විට පෞද්ගලික නවතුමටද යළි ලංගම නවතුමටද එකෙළ මෙකෙළ වෙමින් සිට, ලංගම නැවතුමේ රැය පුරා නිදි වරන්නටද සිදුව තිබේ. මේ දැනුණු අපහසුව, බස් එන වේලාවක් සහසුද්දෙම්ම දැන ගැනීමට නැති වීම, අවම සනීපාරක්ෂක පහසුකම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා අප බොහෝ දෙනකුට මේ ගමන ඒ කාලයේ අප්‍රසන්නම මතක ලෙස ඉතිරි කර තිබේ. ඒ මදිවට බස් රථ තේ බොන්නට නතර කරන කඩද මගී සේවාව තුට්ටුවකට නොසලකන නරකාදි බඳු විය. මේ, අවුරුදු තිහ-හතළිහකට කලින් කතාවක් මුත්, මේ අංශයේ සැලකිය යුතු දියුණුවක් ශ්‍රී ලංකාවේදී අප මේ වන තුරු ලබා නැති සෙයකි.

මේ දින­වල ලෝකයේ බොහෝ රට­ව­ලදී මෙන්ම ශ්‍රී ලංකා­වේ­දීත් කතා­බහ කරන දෙයක් වන්නේ ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකි­යා­වයි. අපට තව තවත් ගබඩා පහ­සු­කම් අවශ්‍ය බව කියවේ. දෙවැනි ලෝක යුද්ධ­ය­ටත් පෙර ත්‍රිකු­ණා­ම­ලයේ ඉදි වූ තෙල් ටැංකි අනූ ගණන ගැනද කතා­බහ මතු වෙයි. මේ උණු­සුම මැද මට හිතුණේ යෝධ තෙල් ටැංකි ඉදි කිරීමේ පසු­බිම ගැන කතා කර­න්නය.

ලෝකය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වනවාටත් වඩා වේගයෙනි. ඊයේ දක්වා අප අතට පත් වූ මුද්‍රිත පොතක් යනු හුදෙක් අකුරු සහ රූප සහිත කඩදාසි එකතුවක් පමණි. එහෙත් අද, තාක්ෂණයේ අලුත් පියවරත් සමඟ, ඒ නිහඬ පිටුවලට පවා පාඨකයා සමඟ ‘සංවාදයක’ යෙදීමට හැකියාව ලැබී ඇත. මෙය හුදෙක් කියවීමක් නොව, අත්දැකීමකි.

ඉංග්‍රීසි ඕඩය තර­ණය කළෙමිති­හා­සය යනු නිර­න්ත­ර­යෙන්ම අලුත් වන පිටු­වකි. ඇතැම් විට සොබා­ද­හම විසින් වෙන් කරන ලද භූමිය, මිනිස් බුද්ධිය විසින් යළි යා කරනු ලබයි. බ්‍රිතා­න්‍යය සහ ප්‍රංසය අතර පිහිටි ඉංග්‍රීසි ඕඩය (English Channel) යනු මේ සනා­තන දහම ලොවට කියා­පාන ජීව­මාන සාක්ෂි­යකි. සිය­වස් ගණ­නා­වක් පුරා රළු රළ පෙළින් සහ ගුප්ත මීදු­මෙන් වැසුණු මේ මහා දිය­කඳ, යුරෝ­පයේ දේශ­පා­ලන හා යුද ඉති­හා­සයේ නොමැ­කෙන සංකේ­ත­යකි.

පසු­ගිය සතියේ සිළු­මි­ණට ලියූ රූස්ස ගොඩ­නැ­ඟි­ලි­වල පැනල හා සිලි­කෝන් මුද්‍රා ගැන කළ කතා­බ­හෙන් පසු, ඒ සම්බන්ධ මතක අවදි කළ ඉදි­කි­රීම් අංශ­යට සම්බන්ධ වී සිටි කිහිප දෙනෙක්ම සිලිකා, සිලි­කන් හා සිලි­කොන් යනා­දිය අපේ එදි­නෙදා ජිවි­ත­යට කෙත­රම් සම්බන්ධ දැයි සිහි­පත් කළෝය. ඉන් එක් මිතු­රෙක් එව­කට සේවය කර­මින් සිටියේ වීදුරු නිෂ්පා­දන කර්මාන්ත ශාලා­ව­කය. වීදු­රු­ව­ල­ටත් සම්බන්ධ සිලි­කන් මේ අප ඔබ සම්බන්ධ කෙරෙන සන්නි­වේ­දන මෙව­ල­ම්ව­ල­ටත් සම්බන්ධ වෙයි.

දසක කිහිපයක් තිස්සේ ඉදි වූ අහස සිඹින ගොඩනැඟිලි පෙළ අපේ අගනුවර නාගරික පෙනුම අලංකාර හා ගම්භීර කරවයි. අප රටේ උසම ගොඩනැඟිලි ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 1960 දශකයේ ඉදි වූ ‘සෙලින්කෝ මන්දිරය’ එහි ආරම්භක සලකුණ ලෙස සැලකේ. එකල මහල් 14කින් යුක්තව ඉදි වූ එය කොළඹ අහස ජය ගත් ප්‍රථම දැවැන්තයා විය. ඉන් පසු 1970 දශකයේදී මහජන බැංකු මූලස්ථානයත්, 80 දශකය ආරම්භයේදී ඉදි වූ ඕෂන් වීව් කුලුනත් කොළඹ අහසට අලුත් හැඩ-මාන එක් කළේය. එහෙත් මෙරට නාගරික වාස්තු විද්‍යාත්මක ඉතිහාසයට කැපීපෙනෙන වෙනසක් එක් කළ පළමු සංකේතය ඉදි වූයේ 1980 දශකයේ මැද භාගයේදීය. ඒ, මහල් 32කින් යුත් ලංකා බැංකු මූලස්ථානයයි.

මින් වසර කිහි­ප­ය­කට පෙර ඉදි කිරී­මට සැල­සුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය යනු දුම්රි­යක් නොවේ.’ ඔබට මෙවැ­න්නක් අස­න්නට ලැබු­ණොත් මවි­ත­යට පත් නොවේ­විද? ඇත්තෙන්ම ‘දුම්රිය’ යන වච­නය අප පොදුවේ ‘ට්‍රේන්’ හෝ ‘රේල්’ ලෙස හඳු­න්වන ප්‍රවා­හන මාධ්‍ය­යට සුදුසු නොවේ. අනෙක් අතට රේල් හා ට්‍රේන් යනු දෙව­ර්ග­යකි. ගැල් පෙළක් වන් වාහ­න­යක් ‘ට්‍රේන්’ වන අතර, එහි මාර්ග පද්ධ­තිය ‘රේල්’ වෙයි. කොළඹ සැහැල්ලු දුම්රිය ඒ අනුව දුම් දම­මින් යන රියක් නොව, රේල් මඟක් ඔස්සේ මිනි­සුන් සංච­ල­නය කරන, විදුලි බල­යෙන් ක්‍රියා­ත්මක වන මාධ්‍ය­යකි. මෙන­යින් ගත් කල ‘මෙට්‍රෝ දුම්රිය’ හෝ ‘ට්‍රෑම් දුම්රිය’ යනු­වෙන් හැඳි­න්වෙන වාහ­නද ‘මෙට්‍රෝ’ හෝ ‘ට්‍රෑම්’ ලෙස පම­ණක් හැඳි­න්වීම වඩාත් තාර්කි­කය. එහෙත් දැන් අපට එම වච­න­ව­ලින් ගැල­වී­මට නොහැ­කිය.

මින් මාස කිහිපයකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ආසන්න අධිවේගි දුම්රිය මාර්ග වැඩබිමක් බලන්න ගිය අවස්‍ථාවක බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු හාත්පස කඳුවැටි සියල්ල අරක් ගත් සුළං බල පංකා පෙන්වමින් මෙසේ කිවුවේය: “හරිත බලශක්ති අංශයේ ලොකුම විප්ලවයක් කරපු එක්සත් රාජධානියේ ගොඩබිමින් එපිට සුළං බල වැඩසටහනට 2025 දෙසැම්බර් වෙන කොට අවුරුදු විසිපහක් වෙනව. ඒ එක්කම මගී ප්‍රවාහන දුම්රිය ගමනාගමනය පටන් අරන් අවුරුදු දෙසීයක් වෙනව.”

මේ මාසයේ මුල මා නිවා­ඩු­ව­කට ශ්‍රී ලංකා­වට ගොස් සිටි­යදී මගේ කිට්ටුම හිත­ව­තකු හදිසි ස්ට්‍රෝක් එක­කට හෙවත් ආඝාත තත්ත්ව­ය­කට පත්ව රෝහ­ල්ගත වීම නිසා මට කිහිප වතා­වක් ජාතික රෝහලේ ආඝාත ඒක­කය වෙත යන්නට සිදු විය. වාස­නා­ව­කට ඔහු මේ වන විට හෙමි හෙමින් සුවය ලබ­මින් සිටී. එහෙත් ඒ රෝහල් ගමන් අත­ර­තුර මට දැක­ග­න්නට ලැබුණේ, තනි­වම හෙල්ලෙ­න්නට හෝ සෙල­වී­මට නොහැකි රෝගීන් රැක­බලා ගැනී­ම ­කෙ­ත­රම් අසීරු කාර්ය­යක්ද යන්නයි.

2024 ඔක්තෝබරයේ සිට පුරා වසරකට අාසන්න කාලයක් මා සිළුමිණට සතිපතා ‘ඉස්තාන්බුල් දිනපොත’ තීරුලිපි මාලාව ලියද්දී මගේ මිතුරන් කිහිප දෙනකුම ඇසුවේ ‘අර චිර ප්‍රසිද්ධ මාකට් දෙක; නැත් නම් ග්‍රෑන්ඩ් බසාර් හා ඊජිප්තු බසාර් ගැන ලියන්නේ නැත්තේ ඇයි?’ කියලාය.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...