2024 ඔක්තෝබරයේ සිට පුරා වසරකට අාසන්න කාලයක් මා සිළුමිණට සතිපතා ‘ඉස්තාන්බුල් දිනපොත’ තීරුලිපි මාලාව ලියද්දී මගේ මිතුරන් කිහිප දෙනකුම ඇසුවේ ‘අර චිර ප්‍රසිද්ධ මාකට් දෙක; නැත් නම් ග්‍රෑන්ඩ් බසාර් හා ඊජිප්තු බසාර් ගැන ලියන්නේ නැත්තේ ඇයි?’ කියලාය.

මට මතක හැටියට ඒ, 1978 වසරේ දවසකි. එකල මා කුඩා පාසල් සිසුවෙකි. එදා මම තාත්තා සමඟ බණ්ඩාරවෙල සිට ලංගම බස් රියකින් කොළඹ යමින් සිටියෙමි. බස් රථයේ වීදුරුවට වැටෙන වැහි බින්දු අතරින් දිස් වූ දිගැටි ගොඩනැඟිල්ල ඕපනායක දුම්රිය ස්ථානය බව මපියා කීය. ඒ වන විටත් අක්‍රියව පැවති ඒ පාළු දුම්රිය ස්ථානයේ නවතා තිබුණු කළු පැහැති දුම්රිය ගැල් කිහිපය මගේ මතකයේ සටහන්ව ඇත්තේ පරණ චිත්‍රයක් ලෙසිනි.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම කොළඹ අග නගරයටද මහ වැස්සෙන් හා ගංවතුරෙන් කරදර ඇති විය. යළිත් වරක්, යහපත් ජලාපවහනයක් පවත්වාගෙන යෑම හා ගංවතුර පාලනය වැනි මාතෘකා එළියට ආවේය. භූගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාව අධික වර්ෂාපතනයකට උරුමකම් පායි. ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2,000ක් පමණ වන අතර, ජල ඝන මීටර් බිලියන 130ක් පමණ හැම අවුරුද්දේම අහසින් ලක් පොළොවට කඩාවැටේ.
මිලියන දහසයක ජනතාවක් වෙසෙන මෙට්රොපොලිටනයක සාමාන්‍ය මගී ජනයාට හා දස දහස් ගණනක් වූ සංචාරකයන්ට ගමන් පහසුව සලසන අතරවාරයේදීම, කාර්යාල වේලාවට මෙරු රැළක් සේ මතු වන මගීන් පිරිස දරන්නේ කොහොමද කියා මට මහත් ප්‍රශ්නයක් තිබුණේය.
වරක් කොළඹ සිට මෙල්බර්න් බලා යන යානයක මම නින්දත් නොනින්දත් අතර සිටියෙමි. පොතක් බැලීමට හෝ එක දිගට චිත්‍රපටයක් බැලීමට මට යම් අවහිරයක් තිබුණේය. ඒ, මා අසල සිටි තරුණිය හා ඉදිරිපස අසුනේ සිටි ඇයගේ මවුපියන් යැයි සිතිය හැකි යුවළක් අතරේ කෙරෙන සංවාද හා එකිනෙකා අතර කෙරෙන හුවමාරු කරගැනීම්ය. මා දෙස සුහද බැල්මක් හෙළූ තරුණිය, “මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. තාත්තා තරමක් අසනීපෙන්. ඔබට කරදරයක් නම් සමාවන්න…” කීවාය. මම එසේ නොවන බව කීවෙමි.
ඉංජිනේරු විද්‍යාව තිබෙන්නේ හුදු ඉදිකිරීම් හා ඉලෙක්‌ට්‍රොනික හෝ යාන්ත්‍රික නිර්මාණ සඳහා පමණක් නොවේ. සුවපහසු නීරෝගිමත් ජන ජීවිතයක් සලසා දීමටත් පිරිසුදු පරිසරයක් පවත්වාගැනීමටත් වෙහෙසෙන ඉංජිනේරුවෝ සහ ව්‍යාපෘති කළමනාකරුවෝ ලක්ෂ ගණනක් ලෝ පුරා සිටිති.
මීට දශක කිහිපයකට පෙර අප සමඟ උසස් පෙළ හැදෑරූ මිතුරෝ දෙදෙනෙක් පිළිගත් විශ්වවිද්‍යාලයක Nautical Engineering යන උපාධියට සුදුසුකම් ලැබුවෝය. ඒ දවස්වල දුටු ලේඛනයක මේ විෂයය හඳුනවා තිබුණේ ‘නෞකා චලන විද්‍යාව’ ලෙසය. තවත් මිතුරකු තේරුණේ Marine Engineering උපාධිය හැදෑරීමටය. ඔහුගේ විෂයය සිංහල භාෂාවෙන් ලියා තිබුණේ ‘නාවික ඉංජිනේරු විද්‍යාව’ කියලාය. මට වැටහුණු පරිදි මුල් දෙදෙනා හැදෑරූ විෂයය නැව් මෙහෙයවීමට වඩාත් බර තැබූ එකක් වන අතර, අනෙක් විෂයය නැවක ක්‍රියාකාරිත්වය, එංජින් හා නඩත්තුව ඇතුළු විෂයයන්ට වඩාත් බර බවය. කෙසේ වුවත් මේ සියලු දෙනා අද ලෝ පුරා පිළිගත් නැව් සමාගම්වල කපිතාන්වරුන් හා ඉංජිනේරුවන් ලෙස සේවය කරති.
හුදෙකලාව ඇවිදිගෙන යන වියපත් ගැමියකු ගැන සිතන්න. ඔහු සෙසු ලෝකයෙන් වෙන් වූ තනි පුද්ගලයකු සේ ඔබට සිතුණත් එය එසේ නොවේ. ගමේ ග්‍රාම නිලධාරියාගේ ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙයි. ලංකාවේ ජනගහනය ගණන් හදන්නේ ඔහුත් ඇතුළත්වය. කොවිඩ් එන්නත් තුනම ලබාගත් සෞඛ්‍ය අංශ දත්ත පද්ධතියක ඔහුගේ නමත් තිබෙන්නට පුළුවන. ඔහු ඡන්දදායකයකු නිසා රටේ පාලනයටද ඔහු අනියමින් හෝ සම්බන්ධ වේ. මේ නිසා සමාජ හා දේශපාලනික තීන්දු තීරණ ගැනීමේදී ඔහු සිටීම, ඔහුගේ අනුගත වීම හා ඔහුගේ පැවැත්ම සලකා බලනු ලැබේ.
ගොඩනැඟිල්ලක් හැදීම ගසක් සිටුවීමට සමාන නම් ගස උස යන තරමට එහි මුල් පොළොව තුළට කිඳාබැසිය යුතුය. නොඑසේ නම් එහි මුල් පද්ධතිය පොල් ගසක මෙන් දස දහස් ගණනක් මුල් කෙඳිති විසිරී පැතිරී මහපොළොව ශක්තිමත්ව බදා වැලඳගත යුතුය.