විස්කම් විසිතුර1 month ago1.8K Views
මීට තිස් වසරකට පමණ පෙර කොළඹ සිට සතිඅන්ත නිවාඩුවකට හෝ අවුරුදු නිවාඩුවකට ගමට යන්නට නොසෑහෙන වාර ගණනක් පිටකොටුව ලංගම බස් නැවතුමට එන්නට සිදුව තිබේ. සමහර විට ලංගම නැවතුමේ බස් නැති විට පෞද්ගලික නවතුමටද යළි ලංගම නවතුමටද එකෙළ මෙකෙළ වෙමින් සිට, ලංගම නැවතුමේ රැය පුරා නිදි වරන්නටද සිදුව තිබේ. මේ දැනුණු අපහසුව, බස් එන වේලාවක් සහසුද්දෙම්ම දැන ගැනීමට නැති වීම, අවම සනීපාරක්ෂක පහසුකම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා අප බොහෝ දෙනකුට මේ ගමන ඒ කාලයේ අප්‍රසන්නම මතක ලෙස ඉතිරි කර තිබේ. ඒ මදිවට බස් රථ තේ බොන්නට නතර කරන කඩද මගී සේවාව තුට්ටුවකට නොසලකන නරකාදි බඳු විය. මේ, අවුරුදු තිහ-හතළිහකට කලින් කතාවක් මුත්, මේ අංශයේ සැලකිය යුතු දියුණුවක් ශ්‍රී ලංකාවේදී අප මේ වන තුරු ලබා නැති සෙයකි.
මෙන්න මේ මතක නිසාම වසර හතකට පමණ පෙර මම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරි සැලසුම, නඩත්තු සැලසුම හා ව්‍යාපාර මොඩලය හඳුනා ගැනීම සඳහා වූ උපදේශක මඬුල්ලේ දේශීය කණ්ඩායම් නායකයා ලෙස මහත් කැමැත්තෙන් වැඩ කළෙමි. අපට වුවමනා වූයේ ලංකාවේ පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වූ මාකුඹුර ලොව අන් රටවල තරම්ම දියුණු නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් කිරීමටය. එමෙන්ම, එය ඉදිරි සියලු ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් සඳහා පූර්වාදර්ශයක් කිරීමද අරමුණක් විය. ඒ සඳහා විදේශ ණය ලැබිණි; උපදේශක සේවා ලැබිණි; මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, උගතුන් එකතු වී සෑහෙන දුරට සාර්ථක මූලික අධ්‍යයනයක් කර තිබිණි. මෙරට සියලු ප්‍රවාහන අංශ සමඟ ඵලදායි සහයෝගිතාවක් ඇති කර ගැනීමටද මේ කාර්යයේදී අපි උත්සාහ කළෙමු.
ඉන් පසු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදි කරද්දීත් ඒකාබද්ධ ප්‍රවාහනය හා යටිතල පහසුකම් ගැන කතා කළෙමු. මේ හා සම්බන්ධ කතාබහේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ආසන්න මැනිං මාකට් එක පිහිටි භූමියේ ඉදි කිරීමට නියමිත තවත් ප්‍රධාන බහුවිධ මධ්‍යස්ථානයක් ගැන කතා කළෙමු. සැහැල්ලු දුම්රිය ඩී.ආර්. විජයවර්ධන මාවතෙන් ඇරඹෙද්දී නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය නිසා ඒ කලාප්රධාන ප්‍රවාහන මුවදොරක් වීමේ මූලික වටයේ වැඩ කටයුතු සිදු වෙමින් තිබිණි. මේ හැම තැනදීම කතා බහ කෙරුණු දෙයක් නම් සියලු ගමන් බිමන් පහසු කැරෙන ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් ගැනය. එතැනින් එහාට කඩවත හා අනුරාධපුරයේ ඉදි වන බුහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘති ලෙස පටන් ගන්නට උත්සාහ දරනවා පෙනිණි. දැන් අර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල උගත් දැනුමේ හෝ අරමුණේ ක්රමික දියුණුවක් හෝ ගලා යෑමක් තිබෙනවාදැයි නොදනිමි. මාකුඹුර හා කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන වෙනුවට බස් නැවතුම්පොළවල් ලෙස මිනිසුන් තේරුම් ගනිමින් තිබේ.
ප්‍රවාහන පද්ධතියක් යනු රටක ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ රුධිර නාළිකාවයි. මෑතකදී කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිදු වූ ප්‍රතිසංස්කරණ කටයුතු සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙය හුදෙක් ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කිරීමකට වඩා එහා ගිය, විද්‍යාත්මක සහ උපායමාර්ගික ප්‍රවේශයක අවශ්‍යතාව මතු කරන අවස්ථාවකි.
පිටකොටුව වැනි අතිශය කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයක සිදු කරන ඕනෑම වෙනසක් දෙස මහජනතාව බලන්නේ විශාල බලාපොරොත්තු සහිතවය. මෙහිදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර එහි සැබෑ ස්වරූපය (එය නව ව්‍යාපෘතියක්ද නැත හොත් පවතින සම්පත් යථා තත්ත්වයට පත් කිරීමක්ද යන්න) පිළිබඳ නිවැරදි සන්නිවේදනයක් තිබීම අත්‍යවශ්‍යය.
ව්‍යාපෘතියක් පිළිබඳ අධි-ධනාත්මක චිත්‍රයක් මවා පෑමෙන් පසු, එහි ප්‍රායෝගික ප්‍රතිඵල අත් කර ගැනීමට අපහසු වෙයි. එබැවින්, මෙවැනි ව්‍යාපෘතිවල සාර්ථකත්වය මැනිය යුත්තේ එහි මතුපිට ඔපයෙන් නොව, මගී සේවාවල ගුණාත්මකභාවය සහ පද්ධතිමය කාර්යක්ෂමතාව ඉහළ යා හැකි ප්‍රමාණය අනුවය.
මෙහිදී මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානය ඉදි කිරීම හා සම්බන්ධ දර්ශනය හා ඉදිරි සැලසුම් පිළිබඳ දෙස් විදෙස් විද්වතුන් එකතු වී ඉදිරිපත් කළ සැලසුම් වාර්තා තවදුරටත් වැඩිදියුණු කර, මේවාට යොදා ගත හැකි බව සිතමි. වෙනෙකක් තබා ප්‍රසිද්ධ බස් නැවතුවමක් ඉදි කිරීමෙන් පසු මෙහෙයුම් කළමනාකරණය, නඩත්තු කටයුතු, තිරසාර ව්‍යාපාරික මොඩලය සම්බන්ධ මාතෘකා ටිකවත් ඒවායෙන් ලැබිය හැකි බව මගේ අදහසයි.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගය ඇතිව මෙරට ඉදි වූ මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය, නවීන ප්‍රවාහන සැලසුම්කරණයට ඇති හොඳම උදාහරණයයි. එහිදී හුදෙක් භෞතික ඉදි කිරීම්වලට වඩා වැඩි අවධානයක් යොමු කෙරුණේ පහත සඳහන් ප්‍රධාන අංශ කෙරෙහිය:
මාකුඹුර ව්‍යාපෘතිය සඳහා දේශීය විශේෂඥයන් එක්ව සකස් කළ ‘ජාතික මගී සේවා වේදිකාව’ (National Passenger Service Platform) පිළිබඳ ආකෘතිමය යෝජනාව අදටත් අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රගමනයට යොදා ගත හැකිය.
නවීන ප්‍රවාහන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා පහත දැක්වෙන වෘත්තීය ප්‍රවේශ අනුගමනය කිරීම වැදගත්ය:
කොළඹ කොටුව බස් නැවතුම වැනි ව්‍යාපෘතිවලින් අප උගත යුතු පාඩම වන්නේ, ජාතික සම්පත් වැය කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක පදනමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයි. මාකුඹුර ව්‍යාපෘතියේදී සකස් කළ මෙහෙයුම් සහ ව්‍යාපාරික ආකෘති පිටකොටුව වැනි ස්ථානවලට යාවත්කාලීන කර යොදා ගැනීමෙන් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන මධ්‍යස්ථානයක් බිහි කළ හැකිය.
අපගේ ඉලක්කය විය යුත්තේ හුදෙක් අලුත්වැඩියා කරන ලද බස් නැවතුම්පොළවල් නොව, මගියාගේ ගෞරවය සුරැකෙන, කාලය ඉතිරි වන සහ රටේ ආර්ථිකයට දායක වන අන්තර්ජාතික මට්ටමේ ප්‍රවාහන පද්ධතියකි. ඒ සඳහා විද්වත් උපදෙස් සහ පූර්ව අත්දැකීම් මත පදනම් වූ සාමූහික ප්‍රවේශයක් මෙන්ම ජාතික ප්රතිපත්තියක්ද අත්‍යවශ්‍ය වේ.
🔗 Read the original article here
Written by:
PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group
Save my name, email, and website in this browser for the next time I comment.
විස්කම් විසිතුර3 days ago
විස්කම් විසිතුර1 week ago
විස්කම් විසිතුර2 weeks ago
I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy
Project Management1 month ago
Uncategorized1 month ago
Project Management10 months ago
Age of AI3 days ago
Age of AI1 week ago
Life is a project3 days ago
Project Vacancies1 week ago
Signing-in 3 seconds...
Signing-up 3 seconds...
Not a member? Sign Up.
Have an account? Sign In.