මේ මාසයේ මුල මා නිවාඩුවකට ශ්‍රී ලංකාවට ගොස් සිටියදී මගේ කිට්ටුම හිතවතකු හදිසි ස්ට්‍රෝක් එකකට හෙවත් ආඝාත තත්ත්වයකට පත්ව රෝහල්ගත වීම නිසා මට කිහිප වතාවක් ජාතික රෝහලේ ආඝාත ඒකකය වෙත යන්නට සිදු විය. වාසනාවකට ඔහු මේ වන විට හෙමි හෙමින් සුවය ලබමින් සිටී. එහෙත් ඒ රෝහල් ගමන් අතරතුර මට දැකගන්නට ලැබුණේ, තනිවම හෙල්ලෙන්නට හෝ සෙලවීමට නොහැකි රෝගීන් රැකබලා ගැනීම කෙතරම් අසීරු කාර්යයක්ද යන්නයි.

















