මින් මාස කිහිපයකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ආසන්න අධිවේගි දුම්රිය මාර්ග වැඩබිමක් බලන්න ගිය අවස්‍ථාවක බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු හාත්පස කඳුවැටි සියල්ල අරක් ගත් සුළං බල පංකා පෙන්වමින් මෙසේ කිවුවේය: “හරිත බලශක්ති අංශයේ ලොකුම විප්ලවයක් කරපු එක්සත් රාජධානියේ ගොඩබිමින් එපිට සුළං බල වැඩසටහනට 2025 දෙසැම්බර් වෙන කොට අවුරුදු විසිපහක් වෙනව. ඒ එක්කම මගී ප්‍රවාහන දුම්රිය ගමනාගමනය පටන් අරන් අවුරුදු දෙසීයක් වෙනව.”

















