ලෝකය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වනවාටත් වඩා වේගයෙනි. ඊයේ දක්වා අප අතට පත් වූ මුද්‍රිත පොතක් යනු හුදෙක් අකුරු සහ රූප සහිත කඩදාසි එකතුවක් පමණි. එහෙත් අද, තාක්ෂණයේ අලුත් පියවරත් සමඟ, ඒ නිහඬ පිටුවලට පවා පාඨකයා සමඟ ‘සංවාදයක’ යෙදීමට හැකියාව ලැබී ඇත. මෙය හුදෙක් කියවීමක් නොව, අත්දැකීමකි.

















